යාපනයේ සරසවි සිසුන් දෙදෙනා නිදහස් කරන්නැයි විග්නේෂ්වරන් ඉල්ලයි

145

යාපනය විශ්වවිද්‍යාලය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

පසුගිය 3 වනදා යාපනය විශ්වවිද්‍යාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරවාරයේදීයි අදාළ සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ.

පසුව, ඔවුන් ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

පොලීසිය සහ හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී විශ්වවිද්‍යාලය තුළ තිබූ නීතිවිරෝධී පෝස්ටර්, බැනර් සහ අත්පත්‍රිකා කිහිපයක් සමගයි ඔවුන් අත්අඩංගුවට ගැනුනේ.

හදිසි නීතිය යටතේ මොවුන් අත්අඩංගුවට ගනු ලැබුව ද, එවැනි හදිසි නීතියක් ක්‍රියාත්මක නොවුනේ නම්, එම වරද අත්අඩංගුවට ගැනීමට තරම් බරපතල වරදක් නොවන බව ද ඔහු යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Your Comments