යාපනයේ මාධ්‍යවේදියෙකුගේ නිවසකට කඩු ප්‍රහාරයක් – ආවා කල්ලියේදැයි සැකයක්
රොමේෂ් මධුෂංඛ - වන්නි

8

යාපනය මාණිප්පායි ප්‍රදේශයේ පදිංචි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගේ නිවසකට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී පලාගොස් ඇති බවට මාණිප්පායි පොලීසිය පවසනවා.

අදාල මාධ්‍යවේදියා නිවසේ නොසිටි අවස්ථාවේදී යතුරුපැදි කිහිපයකින් පැමිණ පිරිසක් විසින් තියුණු ආයධවලින් නිවසේ ගේට්ටුවට හා තහඩු ආවාරණ කිහිපයකට පහර දී හානි කොට පලා ගිය බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා තිබෙනවා.

අදාල පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක්දැයි ප්‍රදේශවාසීන් සැක පල කර සිටින අතරම පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පල කරන අතරම අදාළ පහරදීම සම්බන්ධයෙන් මාණිප්පායි පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා තිබෙනවා.

Your Comments