යාපනයේදී වෛද්‍ය සිසුවියක් ඝාතනය කෙරේ
මාධව කුලසූරිය - වවුනියාව / රොමේෂ් මධුෂංක - වන්නි

76

යාපනය, වෛද්‍ය පීඨයේ අධ්‍යාපන ලබමින් සිටි වෛද්‍ය සිසුවියක් අද (22) දහවල් යාපනය පන්නෙයි ප්‍රදේශයේදී ඝාතනය කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

ඇයගේ පෙම්වතා බවට සැක කරන පුද්ගලයෙකු විසින් අදාළ ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක කරන බවයි යාපනය ආරක්ෂක අංශ පවසන්නේ.

බේරුවල ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය සිසුවියක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවත් ඝාතකයා අදාළ තරුණියගේ පෙම්වතා බවටත් කරුණු අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට යාපනය ආරක්ෂක අංශ සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Your Comments