යාත්‍රාවක ‘ෆේස්බුක් මත්ද්‍රව්‍ය සාදයක්‍’ – තරුණියන් සමග 12ක් අල්ලයි

25

මිරිස්ස මුහුදු ප්‍රදේශයේ යාත්‍රාවක සංවිධාන කර තිබු ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අවුරුදු 19ත් 25ත් අතර වයස්වල පසුවන බව සඳහන්.

තරුණියන් තිදෙනෙකු ද මෙම පිරිස අතර වන බව පොලිසිය පැවසුවා.

මේ අතර, බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර කුෂ් නැමති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 45ක් සහ අයිස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමග 9දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණයන් 6 දෙනෙකු සහ තරුණියන් තිදෙනෙකු ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

විදේශීය දුම්වැටි තොගයක් සහ මත්ද්‍රව්‍ය පානය කිරීමට උපයෝගී කරගන්නා නවීන උපකරණ 4ක්ද මොවුන් සතුව තිබී සොයා ගැනුණා.

Your Comments