යළි දේශපාලනයට පිවිසෙන මෛත්‍රී …..[PHOTOs]

10

තමන් යළිත් වරක් දේශපාලනික වශයෙන් උපත ලබන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

පොළොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේ අද පැවති උපහාර උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

නොකිලිටි විමුක්තිදායකයෙකු විසින් තුන්කල් දක්නා නුවණින් වගාකල බිමේහි අස්වැන්න නෙලාගත් සුවහසක් පුලතිසිපුර ගොවි ජනයාගේ හෘද සාක්ෂිය ‘මෛත්‍රී ප්‍රසාද ප්‍රණම’ උත්සවය අද (30) පෙරවරුවේ පැවැත්වුනා.

පොලොන්නරුව දිස්ත්‍රික් පළාත් පාලන සංසදයේ නියෝජිතයන් විසින් උත්සවය සංවිධාන කළා.

උත්සව සභාව ඇමතූ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ නින්දා අපහාස හමුවේ නොසැලී ඉදිරියටත් පොදු මහජනතාව වෙනුවෙන් කැපවෙන බවයි.

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, පොලොන්නරුව නගරාධිපති චානක රණසිංහ මහතා ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියා.

Your Comments