යළි අවවාද !

11

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස දන්වමින් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිවයින වටා වන මහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළඟේ වේගය පැයට කීලෝ මීටර් 30ත් 40ත් අතර අගයක් ගත හැකි බවයි.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කී.මී 60 පමණ දක්වා වැඩි විය හැකියි.

එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මන්නාරම සිට කන්නසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කීලෝ මීටර් 50 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ හේතුවෙන් ධීවර සහ නාවුක ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ, දිවයිනේ පවතින කාළගුණ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරන කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා…

Your Comments