යළිත් ඩෙංගු අවදානමක්

14

නිරිතදිග මෝසම ස්ථාපිත වීමත් සමඟ දිවයින පුරා ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු උවදුර පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,215 දෙනෙකු වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 19 දෙනෙකු ඩෙංගු රෝගය හේතුවෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර, තම පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසයි.

Your Comments