“මෛත්‍රී ජනපති අපේක්ෂක කරන්න එකඟ වෙන්නෙම නෑ.! ශ්‍රීලනිප – පොහොට්ටුව කිසිදු සන්ධානයකුත් නැහැ”(VIDEO)

18

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සංධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට නිදහස් පක්ෂය සමග කිසිදු එකඟත්වයකට පැමිණ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.

එක්සත් ජනතා නිදහස් සංධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ඊයේ (04) සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව අද පෙරවරුවේ කොළඹ නෙළුම්ම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡාසාර්ථකව සිදුකෙරෙන නමුත් සංධානයකින් තරඟ කිරීමක් සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.

වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂය විසින් නම්කොට ඇති පසුබිමක, එම කොන්දේසිය යටතේ සංධානයකට එකඟවීමට පොදුජන පෙරමුණ සූදානම් නොමැති බව ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙනවා.

යම් හෙයකින් පක්ෂ දෙක අතර සංධානයක් ඇතිවන්නේ නම් ජනාධීපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනාගේ තීරණය බව, මෙම මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමෙන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා සඳහන් කළා.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් අගෝස්තු මස 11 වැනිදා ප්‍රකාශයට පත්කෙරෙන අතර මේ අවස්ථාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ජනතා මතය අනුව පොදුජන පෙරමුණ සමග කොන්දේසි විරහිතව එකතුවීම බව ඒ මහතා පෙන්වා දෙනවා.

"මෛත්‍රී ජනපති අපේක්ෂක කරන්න එකඟ වෙන්නෙම නෑ.! ශ්‍රීලනිප – පොහොට්ටුව කිසිදු සන්ධානයකුත් නැහැ"

"මෛත්‍රී ජනපති අපේක්ෂක කරන්න එකඟ වෙන්නෙම නෑ.! ශ්‍රීලනිප – පොහොට්ටුව කිසිදු සන්ධානයකුත් නැහැ"

Posted by News24 on Friday, July 5, 2019

Your Comments