මෙහෙයුම් සදහා පොලිස් නිල සුනඛයන් 215 ක්

22

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදු කෙරෙන මෙහෙයුම් කටයුතු සඳහා පොලිස් නිල සුනඛයින් 215 ක් පමණ එක් කර ගෙන තිබෙනවා.
ඒ අතර අපරාධ පරීක්ෂණ සුනඛයින් 85 ක් සහ පුපුරණ ද්‍රව්‍ය සෙවීම සඳහා පුහුණු කළ සුනඛයින් 75 දෙනෙකු සිටින බවයි පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා සදහන් කළේ.
පසුගියදා සිදු වු ප්‍රහාර වලින් පසු පුපුරණ ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් සොයා ගනු ලැබුවේ ද මෙම සුනඛයින්ගේ දායකත්වයෙන් විම විශේෂත්වයක්.

Your Comments