මෙරට අධිකරණ ඉතිහාසයේ වැඩිම චෝදනා ගොනු කරමින් ඇවන්ගාඞ් සිද්ධියට 13 දෙනෙකුට නඩු පවරයි

39

ඇවන්ට්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙනයාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් චෝදනා 7,573 ක් යටතේ විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.

මෙරට අධිකරණ ඉතිහාසයේ මෙවැනි චෝදනා සංඛ්‍යාවක් ගොනු කෙරෙන පළමු අවස්ථාව මෙය බවයි නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොණු කිරීමට නියමිතයි.

මෙම නඩුව විභාගය කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නඩුවේ සංකීර්ණ බව සහ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින ආන්දෝලනාත්මක තත්වය සැලකිල්ලට ගෙනයි නීතිපති දප්පුලද දිවේරා මහතා විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ.

Your Comments