මූල්‍ය වංචාවකට දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සේවකයෙක් අත්අඩංගුවට

10

වංචාසහගත ලෙස වාහන ආදායම් බලපත්‍ර නිකුත් කර මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කර රුපියල් ලක්ෂ හතර හමාරකට අධික මුදලක් ඔහු වංචා කළ බවට එහි කොමසාරිස්වරිය විසන් ගාල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල – ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ මුදල් කවුළුවේ සේවය කර ඇති හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Your Comments