මුළු දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

32

පසුගිය මාර්තු මස 20 වනදා පස්වරු 6 සිට දිවයින පුරා බලාත්මක වූ ඇඳිරි නීතිය අද(26) පෙරවරු 5ට දිවයින පුරා ලිහිල් කරනු ලැබුවා.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්ට එලෙස ඇඳිරි නීතිය ඉවත් කෙරෙනුයේ දින 66කට පසුවයි.
කෙසේ වෙතත් දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා වරින්වර ඇඳිරි නීතිය ලිහල් කරනු ලැබුවා.
කෙසේ වෙතත් අද(26) සිට නැවත දන්වනතුරු දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා වූ කාලය තුළයි.
මේ අතර කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්හි ගමනාගමනයට අද සිට අවසර ලැබෙනවා.
දිවයින පුරා ඇඳිරි නීතිය ලිහිල් කළද කොරෝනා වෛරසය පාලනය සඳහා සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුළුමනින්ම අනුගමනය කළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ කර්මාන්ත ශාලා, ආයතන, කාර්යාල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදීත් මගී ප්‍රවාහනයේදීත් මෙම සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතු බවයි.
විෂබීජහරණයල මුඛ ආවරණ පැළඳීමල විටින් විට අත්සේදීම සහ සමාජ දුරස්ථතාවය තබාගැනීම මෙහිදී ප්‍රමුඛ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව සමාජය දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන්නන් අත්අඩංගුවට ගැනීමට අද(26) සිට කටයුතු කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

Your Comments