මුහුදේ දියවැළකට හසු වූ පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනේ

19

උප්පුවේලි නිලාවේලි වෙරළතීරයේ දියනාමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු දියවැළකට හසුව ගසා ගෙන යමින් සිටියදී බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් සමත්ව තිබෙනවා.
මෙලෙස දියවැළකට හසුව ඇත්තේ 18,28 සහ 29 හැවිරිදි වියේ පසුවන්නන් තිදෙනෙක්.
ඔවුන් කුරුණෑගල සහ වවුනියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්.
මේ අතර, හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි 48 හැවිරිදි රුසියානු ජාතිකයෙකු මුහුදේ දියනෑමට ගොස් දියේ ගිලී මියගොස් තිබෙනවා.
ඔහුගේ මෘත ශරීරය මේ වන විට බලපිටිය රොහලේ තැන්පත් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

Your Comments