මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පස් දෙදෙනෙකු අත්අඩංගුවට

4

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සදහන්.

උතුරු නාවික විධානය මඟින් කෝවිලම් තුඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

නාවික හමුදා බාරයට ගත් ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතත්, ධීවරයින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙතත් රැගෙන ඒමට කටයුතු කළ බවයි නාවික හමුදාව පැවසුවේ.

Your Comments