මුස්ලිම් අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත්වීම රජයේ කටයුතුවලට බාධාවක් නෑ

39

රජයේ සිටි මුස්ලිම් අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත් වීම හමුවේ රජයේ ඉදිරි කටයුතු වලට කිසිදු බාධාවක් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.
චෝදනා ලැබ සිටින මහජන නියෝජිතයන්ගේ නිර්දෝෂීභාවය විධිමත් පරීක්ෂණයකින් ඔප්පු වු පසු ඔවුන් යළිත් රජයේ වගකීම් දරණු ඇති බවටයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මේ අතර ආණ්ඩුව තුළ කටයුතු කළ සියලුම මුස්ලිම් අමාත්‍යවරු ඉල්ලා අස් වීම තුළින් එම ජනතාව තව දුරටත් අන්තවාදී ක්‍රියාවන් සිදු කිරීමට හේතුවක් විය හැකි බව නියෝජ්‍ය අමත්‍ය නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
හෙතෙම මේ බව කියා සිටියේ නිවුස් 24 වෙත අදහස් දක්වමින්.

මේ අතර අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසුවේ මුස්ලිම් ජනතා නියෝජිතයන් සම්බන්ධයෙන් චෝදනා පවතින්නේ නම් කඩිනමින් අදාළ අංශ දැනුවත් කරන ලෙසයි.

Your Comments