මුව මස් සහ මුව හමක් සමග පුද්ගලයකු අත්අඩංගුවට
ජයන්ත වීරසේකර - වැල්ලවාය

21

මුව මස් සහ ඝාතනය කරන ලද මුවෙකුගේ හමක් වැල්ලවාය අයිස්පීල්ල මැදගොඩ ප්‍රදේශයේ දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ වැල්ලවාය පොලිසිය ඊයේ (26) රාත්‍රී සිදු කල වැටලීමකදීයි.

මුවෙකු මරා මස් අලෙවි කරන බවට වැල්ලවාය පොලිස් ස්ථානයේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී අලෙවිය සඳහා සුදානම් කළ මුව මස් කිලෝග්‍රෑම් එකක් සහ මුවෙකුගේ හමක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි නිව්ස්24 වාර්තාකරු පවසන්නේ.‍ෙ

සිද්ධියට සම්බන්ධ සැකකරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මැදගොඩ වැල්ලවාය ලිපිනයේ පදිංචි වයස අවුරුදු හතලිස් එකක පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු අද (27) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

Your Comments