මුව මස් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

23

නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය තුනුක්කායි, ඉලුප්පයිකඩ්ඩවායි ප්‍රදේශයේ එක්ව අප්‍රේල් 24 වන දින සිදු කල සෝදිසි මෙහෙයුමකදී මුව මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී මුව මස් කිලෝග්‍රෑම් 35ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තිබී සොයාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
මෙලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 44 ක් වන මන්නාරම, ඉලුප්පයිකඩ්ඩවායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.
එම සැකකරු සහ මුව මස් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය විසින් සිදු කරනු ලබනවා.

Your Comments