මීගමුවේ නොසන්සුන්කාරී සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවේ

53

මීගමුව – කොච්චිකඬේ පෝරුතොට ප්‍රදේශයේ ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම තවත් සැකකරුවන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
පෝරුතොට ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඊයේ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එය, ගැටුමක් දක්වා වර්ධනය වුණා.
එහිදී තත්වය පාලනය කිරීමට මීගමුව – කොච්චිකfඬ්, කටුනායක, දිවුලපිටිය, කොටදෙණියාව, පමුණුගම, රද්දොළුගම, සීදූව දුන්ගල්පිටිය සහ කටාන යන පොලිස් බල ප්‍රදේශවලට අද පෙරවරු හත දක්වා පොලිස් ඇඳිරි නීතිය ද පනවනු ලැබුවා.

Your Comments