මීගමුවට පැනවූ ඇදිරිනීතිය අවසන් – සමාජ මාධ්‍යයට යළිත් අවහිර කරයි

90

මීගමුව පොලිස් බල ප්‍රදේශයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය උදෑසන 7ට අවසන් වුණා.
ඊයේ පස්වරුවේ මීගමුව, කොච්චිකඬේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඇඳිරි නීතිය පැනවු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.
ඒ අනුව මීගමුව, කොච්චිකඬේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙණියාව, පමුණුගම, රද්දොළුගම, සීදුව, දුංගල්පිටිය හා කටාන යන පොලිස් වසම්වලට අදාළව මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා.
කෙසේ වෙතත් මේ වන විට පොලීසිය හා ආරක්ෂක අංශ මැදිහත්ව ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මේ අතර, මීගමුවේ ඇති වූ කළහකාරී තත්ත්වයත් සමග ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් යන සමාජ මාධ්‍ය වෙත මෙර සිට පිවිසීම අවහිර කර තිබෙනවා.
තාවකාලිකව අදාල පියවර ගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

Your Comments