මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

28

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පුද්ගලයින් පිරිසකට පහරදී තුවාල කිරීමේ සිද්ධියකට අදාළව සහ පොලීසියට සාපරාධී බලපෑම් කිරීමේ චෝදනාව මතයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ තවත් කිහිපදෙනෙකු මිහින්තලේ ප්‍රදේශයේදී පිරිසක් සමඟ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්.

මේ අනුව පහරකෑමට ලක්වූ පිරිස පොලීසියට කළ පැමිල්ලකට අනුවයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධියෙන් තුවාල ලැබූ හයදෙනෙකු මිහින්තලේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබනවා.

Your Comments