මිලියන 20ක කේරළ ගංජා තොගයක් අල්ලයි

29

රුපියල් මිලියන 20ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු මන්නාරම මැදවච්චිය මාර්ගයේ පරයනායන්කුලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු එම කේරළ ගංජා තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

කේරළ ගංජා තොගයේ බර කිලෝ ග්‍රෑම් 200කට අධිකයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අඩම්පන් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි අයෙක්.

ඔහු අද වවුනියාව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

Your Comments