මිනිස් ජාවරම මැඩලන්න ඉන්දු ශ්‍රී ලංකා නව සහයෝගිතාවක්

15

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඬලීමේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නව සහයෝගිතා වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමට එකඟතාව පළ කර තිබෙනවා
ඒ මෙරටට පැමිණ සිටින ඉන්දිය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද පැවති සාකච්ඡාවකදීයි
ජනාධිපති නිල නිවසේ දී සාකච්ඡාව පැවැත්වුණා
කලාපීය ආරක්ෂාව වෙනුවෙන් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඬලීමේ දී ඉන්දු ශ්‍රී ලංකා සහයෝගිතාව තුළ පුළුල් අවබෝධයකින් සහ එකඟතාවයකින් කටයුතු කිරීම පිළිබඳවයි එහිදී අවධානය යොමු වුණේ
එමෙන්ම ශ්‍රී ලාංකීය ආරක්ෂක හමුදාවන් සඳහා ඉන්දීය රජය ලබාදෙන පුහුණු අවස්ථා පිළිබඳව ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කළා
එමෙන්ම ආරක්ෂක කටයුතුවල දී දෙරට අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනිමටත් එහිදී නිරන්තරයෙන් අදහස් හුවමාරුකර ගැනීම පිළිබඳවත් අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ

Your Comments