මැලේසියාවේ හිටපු තානාපතිට පහර දුන් සැකකරුවන්ට දඩ

22

මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති එන්. අන්සාර් මහතාට ක්වාලාලම්පූර් ගුවන් තොටුපල තුළදී පහරදීමේ සිද්ධියට වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙකුට එරට අධිකරණය දඩුවම් නියම කර තිබෙනවා.
ඒ අනුව සැකකරුවන්ට රුපියල් තුන්ලක්ෂ 87,000 ක දඩ මුදලක් නියම කිරීමටයි මලයාසියානු අධිකරණය පියවර ගෙන ඇත්තේ.
2016 වසරේ සැප්තැම්බර් 4 වනදා මැලේසියාවේ පැවති ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීම සඳහා ගොස් සිටි අමාත්‍ය දයා ගමගේ මහතා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා එරට ගුවන් තොටුපලට පිටත් කිරිමට පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ලවුණා.
මෙම සමුළුවට සහභාගිවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ගොස් සිටි අතර, පසුව හෙළිවුණේ හිටපු ජනාධිපතිවරයාට විරෝධය පළ කිරීමේ අරමුණින් මොවුන් හිටපු තානාපතිවරයාට අදාළ පහරදීම සිදුකර ඇති බවයි.

 

Your Comments