මැතිවරණ නීති උල්ලංඝණය කළ 83ක් අත්අඩංගුවට

7

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3800 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පසුගිය මස 08 වනදා සිට ඊයේ දිනයෙන් අවසන් වූ කාලය තුළ පැමිණිලි 3821ක් ලැබී ඇති බවයි.

ඊයේ පස්වරු 4 න් අවසන් වූ පැය 24ක කාලය තුළ පමණක් පැමිණිලි 92ක් ලැබී ඇති බව සඳහන්.

මේ අතර ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ නීති උල්ලංඝණය කිරිමේ සිද්ධීන් 111ක් ද මැතිවරණ පැමිණිලි 105ක් ද පොලීසිය වෙත ලැබී තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝණය කළ සැකකරුවන් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී.

Your Comments