මැතිවරණ නීති උල්ලංගණය සම්බන්ධ පැමිණිලි ඉහළට

14

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මේ දක්වා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1, 255ක්.
ප්‍රචණ්ඩක්‍රියා, රාජ්‍ය දේපල පරිහරණය, නීති විරෝධී ලෙස අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී තිබෙනවා.
මේ අතර මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 94ක් ලැබී ඇති බවයි.
මේ අතර තියුණු ආයුධයක් සහිතව කළුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැණුනා.
මේ අතර මහ මැතිවරණයෙන් පසු 9 වන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව සභා වාර වලදී අනුගමනය කල යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
ඒ, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අතරයි.

Your Comments