මැණික් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

31

මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 43 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.
සැකකරු මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 318 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ පැමිණ තිබුණා.
ඔහු සිය ගමන් මල්ලේ මෙන්ම, ගුද මාර්ගයේ ද මෙම මැණික් සගවාගෙන සිටි බවයි ර්ගුව පැවසුවේ.
ඒවායේ වටිනාකම  රුපියල් පහලොස් ලක්ෂයකට අධිකයි.
 

Your Comments