මැගසින් බන්ධනාගරයට හෙරොයින් ගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

15

බොරැල්ල – මැගසින් බන්ධනාගාරය තුළට හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බන්ධනාගාර නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 44 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව සදහන්.
අදාළ පුද්ගලයා බන්ධනාගාරගතව සිටින රැඳවියෙකු බැලීමට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස හෙරොයින් තොගයක් බන්ධනාගාරය තුළට රැගෙනවිත් ඇත්තේ.
මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments