“මා රෝහල් සංඛ්‍යාව වැඩි කළා”

9

අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසු පිළිකා ආයතන, ළමා රෝහල් හා මාතෘ රෝහල් සංඛ්‍යාව ඉහළ දැමීමට හැකිවූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

පිළිකා රෝග වාට්ටු සඳහා වෛද්‍ය උපකරණ බෙදාදීමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

පිළිකා මර්දන වැඩසටහන වෙනුවෙන් වාට්ටු හා සායන කටයුතු කාර්යක්ෂමතාව ඉහල නැංවිම සඳහා වෛද්‍ය උපකරණ රැසක් බෙදා දුන් අතර එම වෛද්‍ය උපකරණවල මුඵ වටිනාකම රුපියල් මිලියන 600ක්.

අනුරාධපුර,පොළොණ්නරුව, මඩකලපුව, නුවරඑළිය, මහනුවර, කුරුණැගල, ගම්පහ, රාගම, මහරගම, හම්බන්තොට, කරාපිටිය, අවිස්සාවෙල්ල, වව්නියාව, බදුල්ලල, මොණරාගල, රත්නපුර රෝහල් වෙත මෙම වෛද්‍ය උපකරණ බෙදා දුන්නා.

මෙම අවස්ථාවට ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සුදත් සමරවිර, විශේෂඥ වෛද්‍යවරුන්, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්, වෛද්‍ය පර්යේෂණ නිලධාරින්, ප්‍රජා සෞඛ්‍ය නිලධාරින්, හෙද සොහොයුරියන්, ඖෂධවේදීන්, විකිරණ ශිල්පින් ඇතුළු නිලධාරින් රැසක් එක්ව සිටියා.

මෙහිදි පිළිකා මර්දන තේමා ගීතය එළිදැක්විම සිදුවූ අතර ගීතයේ පද රචක ජි.එම් අජිත් මහතා ද මෙහිදි ඇගයුමට ලක් කෙරුණා.

තේමා ගීතය ගායනා කරන්නේ සංඛ දිනේත්.

මේ අතර රටේ සැම පුරවැසියෙකු සඳහාම නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක් අනිවාර්ය කරන බව ද මෙහිදි අමාත්‍යවරයා සඳහන් කළා.

පරීක්ෂණය සඳහා පළමු අදියරේදී ජනතාවගේ සහභාගිත්වය ලබාදි තිබෙන්නේ සියයට 30‍ක් බව සඳහන්.

 

Your Comments