මාස 6කදී දඩවලින් දුම්රියට ලක්ෂ 50කට අධික ආදායමක්

10

ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගත් මගීන්ගෙන් දඩ ලෙස රුපියල් 16,41,835ක මුදලක් උපයාගෙන තිබෙනවා.

ඒ, පසුගිය මාස 6ක කාල සීමාව තුළ සිදුකරන වැටලීම්වලදීයි

එමෙන්ම, තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන පළමු පන්තියේ මැදිරිවල ගමන් කළ මගීන්ගෙන් රුපියල් තිස් හතර ලක්ෂ තුන්සිය අනූහයක දඩ මුදලක් අයකරගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු දුම්රිය මගීන්ගේ ආරක්ෂාව පිළිබදව දැඩි අවධානයක් යොමුකිරීමත් සමඟ ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කරන මගීන් පිළිබඳ සොයා සිදුකරන වැටලීම් අඩුවී ඇති බව සඳහන්.

Your Comments