මාස් කන්නයේ නොඉඳුල් සහලෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීම

21

ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට අනුරාධපුරය – ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවැත්වීමට නියමිතයි.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන් පිදීම මෙහිදී සිදුවනවා.

ඊට සමාගාමීව සුපුරුදු චාරිත්‍රානුකූලව සතර වාහල්කඩ කිරි ඉතිරවා සිදුකරන දේව කන්නලව්ව ද අද අලුයම සිදු කෙරුණා.

මේ ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා..

හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍ය රජ සමයේ සිට පැවත එන මෙ චාරිත්‍රයක්.

ඒ සඳහා රට පුරා ගොවින් රැසක් එක්වීමට නියමිතයි.

රට ස්වයංපෝෂිත වී කෘෂිකර්මාන්ත කටයුතු දියුණු වී රටට ජාතියට සෙත් පැතීම මෙම අලුත් සහල් මංගල්‍යයෙන් අපේක්ෂා කෙරේ.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන අතර කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ මැදිහත් වීම මත හෙට ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර පිවිසුම අසල ඉදිකරනු ලබන හෙල බොජුන් හලට හෙට පෙරවරු 08.00 ට අග‍්‍රාමාත්‍යවරයා විසින් මුල්ගල් තැබීමටද නියමිතය.

Your Comments