මාලිගාවත්තේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

32

මාලිගාවත්ත ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු කොටහේන සුපිරි වෙලඳ සැලක් අසල දී පොලිස්‍ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මෙරට නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවියක් ද සමඟින්.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කෙරුණා.

ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක්.

පසුගිය 30 වනදා පස්වරු 5.00 ට පමණ මාලිගාවත්ත ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුබූ අතර තුවල ලැබූ 35 හැවිරිදි පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

Your Comments