මාලිගාවත්තේ වෙඩි තැබීමක්

48

මාලිගාවත්ත, ජුමමාහන්දිය ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ අද(30) පෙරවරු 10.55ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments