මාලදිවයිනේ විදේශ ඇමති අබ්දුල්ලා ෂාහිඩ්, අගමැති සහ විපක්ෂ නායක හමුවෙයි

22

බොහෝ මාලදිවයින් ජාතිකයින් ශ්‍රී ලංකාවේ දෙහිවල, පානදුර, ගල්කිස්ස ආදී ප්‍රදේශවල ව්‍යාපාර කටයුතුවල නියැලෙන බැවින් ඇතැම් අන්තවාදීන් මෙම ප්‍රදේශවල එම වැසියන් අතර තම ආරක්ෂාව තහවුරු කර ගනිමින් ත්‍රස්ත ක්‍රියා සිදුකරන බව ගෙනයන බව අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
ඒ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි.
එහිද මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් පැහැදිලි කළේ, විද්‍යාර්ථයින් ලෙස පෙනී සිටින මුස්ලිම් ජාතික තරුණයින්ගේ විප්ලවකාරී නැගී ඒම ශ්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේ ද ප්‍රවනතාවක් බවයි.
එමෙන්ම මෙම තත්ත්වය පාලනය කිරීම උදෙසා දෙරට අතර විශේෂඥ දැනුම හුවමාරු කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණ කළා.


මේ අතර මාලදිවයින් විදේශ කටයුතු ඇමති අබ්දුල් සහීඞ් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්වුණා.
මාලදිවයින් ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මෙරටට පැමිණ ඇති ඒ මහතා පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය ගැන මාලදිවයින් ජනාධිපතිවරයා හා එරට ජනතාවගේ කණගාටුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙහිදී පළ කර තිබෙනවා.
එමෙන්ම මෙරට වත්මන් තත්ත්වය සලකා මාලදිවයින් මුහුදු සීමාව උල්ලංඝනය කර එරට අත්අඩංගුවේ පසුවන ධීවරයින් පිරිස සහ ඔවුන්ගේ බෝට්ටු හතරද නිදහස් කිරීමට මාලදිවයින් රජය කටයුතු කරන බවයි ඔහු තව දුරටත් කියා සිටියේ.

Your Comments