මාර්තු මාසයේ සිට අත්‍යාවශ්‍යය භාණ්ඩ රැසක මිල පහලට
එළවළු මිලත් පහල බසියි

15

පසුගිය මාස කිහිපයේ සිටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල මේ වන විට පහල යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.
ඒ යාපනය අර්ධද්වීපයෙන් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමගයි.
කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන ගෝවා ,බෝංචි,කැරට් , ලීක්ස් හැර අනෙකුත් එළවළු රැසක මිල ද මේ වන විට පහත යමින් පවතින බව සදහන්.
එළවලු වර්ග බොහොමයක් ඉකුත් සතියේ දී කිලෝවක් රුපියල් 150- 300ත් අතර මිලයකට අලෙවි වුණා.
කෙසේ වෙතත් මේ වන විට එළවලු කිලෝවක තොග මිල රුපියල් 60 ත් 80 දක්වා පහත වැටී ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පැවසුවේ
විදේශ රටවලින් ගෙන්වා ඇති ලොකු ලූණු කිලෝවද රුපියල් 45 සිට රුපියල් 90 දක්වා වූ මිලකට අලෙවි කරන බව ව්‍යාපාරිකයන් පවසනවා.
මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ලබන මාර්තු මාසයේ සිට අඩුවන බව රජය පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ පිළිබද කරුණු පැහැදිලි කළා.

සහල් මිලද ඉදිරියේදී පහල යනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ

මේ අතර ගොවියා ආරක්ෂා කිරීම වර්තමාන ආණ්ඩුවේ ප්‍රමුඛතම අරමුණක් බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කලා.

Your Comments