මානිප්පායි ප්‍රදේශයේ සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට

11

යාපනය, මානිප්පා හින්දු විද්‍යාල ප්‍රදේශයේ හා යාපනය නවාලි ප්‍රදේශයේ නිවස දෙකකට පහරදී පුද්ගලයින් දෙදෙනෙකු කපා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පළමුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර, අදාළ පුද්ගලයාගෙන් ලද තොරතුරු මත තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔවුන් යාපනය නවාලි හා උඩුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉඳිරිපත් කිරීමට නියමිතයි.
අත්අඩංගුවට ගත් කණ්ඩායම ආවා කල්ලියට සම්බන්ධ පිරිසක් වන බවට ආරක්ෂක අංශ සැක පළ කරනවා.

Your Comments