මාදම්පෙ ඇල මාර්ගයකින් අස්ථි කොටස් හමුවෙයි

20

මාදම්පේ – මාරම්බැටේ ඇළ මාර්ගයක තිබී මිනිස් අස්ථි කොටස් හමු වී තිබෙනවා.
මෙම අස්ථි කොටස් පොහොර උරයක බහා තිබියදී සොයා ගෙන ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
අනතුරුව එම ස්ථානය හලාවත අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.එස්.ඩබ්ලිව් කුමාර මහතා විසින් නිරීක්ෂණයට ලක් කර තිබෙනවා
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද හලාවත වැඩබලන මහේස්ත්‍රාත් ශානක උදයංග මහතා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇති බව සඳහන්.

Your Comments