මාතර – බෙලිඅත්ත මංගල දුම්රිය ගමන ඇරඹෙයි – හිටපු ජනපති මහින්දටත් ආරාධනා

52

‘දකුණුලකට අලුත් මගක්’ යන තේමාව යටතේ මාතර සහ බෙලිඅත්ත අතර පළමු දුම්රිය ධාවනය අද පෙරවරුවේ සිදුකෙරුණා.
ඒ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.
පැයට කිලෝමීටර් 120 ක වේගයෙන් ධාවනය කළ හැකි මෙම මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කිරීමට ගතවන්නේ විනාඩි 20 ක් පමණයි.
මීට සමගාමීව පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලිඅත්ත දුම්රිය ස්ථාන විවෘත කිරීමද අද පෙරවරුවේ සිදුකෙරුණා.
ඒ අනුව ඉදිරියේ දී මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති දුම්රිය සංඛ්‍යාව හතක්.
ඉන් එක් දුම්රියක් ගාල්ල දක්වා ද දුම්රිය හතරක් මරදාන දක්වා ද ගමන් කරන අතර සෙසු දුම්රිය දෙක යාපනය සහ වව්නියාව දක්වා ගමන් කිරීමට නියමිතයි.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රිය ගණන හයක්.
ඉන් පහක් මරදාන දක්වාද, එක් දුම්රියක් වව්නියාව දක්වා ද ගමන් කරනවා.
ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය පාලම වන වටගම පාලම මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පවතින අතර, එහි දිග මීටර 1500ක්.
මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය සඳහා තමන්ට ද ආරාධනා කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා
අද උදෑසන සෝමාවති පුද බිමේ පැවති ආගමික උත්සවයනික් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි හෙතෙම මේ බව කියා සිටියේ
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා මෙම උත්සවය සඳහා පෞද්ගලිකවම පැමිණ ආරාධනා කළ බවයි විපක්ෂ නායවරයා පැවසුවේ
කෙසේ වෙතත් වෙනත් කටයුත්තක් හේතුවෙන් ඒ සඳහා සහභාගී වීමට නොහැකි වූ බව ද හෙතෙම සඳහන් කළා
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඒ සඳහා ආරධනා කිරීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවයි

Your Comments