මාකඳුරේ මධූෂ් ලංකාවට ගෙන්වා ගතහොත් නිදහස් වීමේ හැකියාව පවතිනවා

30

මාකඳුරේ මදූෂ් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළහොත් ඔහු නිදහස් වීමට හැකියාව පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
ඒ හේතුවෙන් ඩුබායි අධිකරණයකින් දඩුවම් ලබා දීම සුදුසු වන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ අතර, මාකදුරේ මධූෂ් ඇතුළු මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තනි වශයෙන් ගෞරව හිමි කර ගැනීම සිදු නොකළ යුතු බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා.
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

Your Comments