මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු වූ ආමි සමන්ත අත්අඩංගුවට

13

දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන ආමි සමන්ත නැමැත්තා මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අද අත්අඩංගුවට ගත්තා.
ඒ, දිවුලපිටිය – බඩල්ගම ප්‍රදේශයේ ඔහුගේ නිවසේ රැඳී සිටියදියි.
සැකකරු මාකඳුරේ මධුෂ් සමඟ විවිධ අපරාධ සඳහා එක්ව ඇති අතර, ඔහු කොස්ගොඩ සුජී නැමති සංවිධානාත්මක අපරාධකරුගේද ගෝලයෙක්.
ඝාතන ඇතුලූ විවිධ අපරාධ සඳහා චෝදනා එල්ලවී ඇති සැකකරු යුද හමුදාවෙන් පලා ආ අයෙකු බවද සඳහන්.

Your Comments