මාකදුරේ මධූෂ් මෙහෙය වූ අපරාධ 4ක් මෙන්න – පොලිසිය හෙළි කරයි

235

මාකදුරේ මධූෂ් අපරාධ 4ක් මෙහෙයවා ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා.

ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය අද මාධ්‍ය වෙත කරුණු දක්වා සිටියා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා එම අපරාධ සම්බන්ධයෙන් පැහැදිලි කළා.

01) 2017 පෙබරවාරි 27 – කළුතර උතුර එතනමඩල ප්‍රදේශය දී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීම.
එම ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සහ රැඳවියන් පස් දෙනෙකු මියගිය අතර තවත් බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලැබුවා.

02) 2017 මැයි 09 – පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තැබීම.
එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගියා. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිව් දෙනෙකු තුවාල ලැබුවා.

03) 2018 මාර්තු 06 (හෝ ආසන්න දිනයක) අඟුණකොළපැලැස්සේ දී ශාන්ත කුමාර නොහොත් ‘කොස් මල්ලී’ ට වෙඩි තබා ඝාතනය කොට ඔහුගේ හිස අලුත්කඩේ ප්‍රදේශයේ තබා යාම.

04) 2018 නොවැම්බර් 05 – පන්නිපිටිය ප්‍රදේශයේ දී දියමන්තියක් කොල්ල කෑම.

මාකදුරේ මධූෂ් එම අපරාධ මෙහෙයවා ඇත්තේ ඩුබායි සැඟව සිටියදී.

Your Comments