මාකදුරේ මධූෂ් ඇතුළු සැකකරුවන් කඩිනමින් ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍ය අංශයෙන් සැළසුම්

9

ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුලූ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් එරට අධිකරණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
අබුඩාබි සහ ඩුබායි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති අංශ එරට බලධාරීන් සමඟ අඛන්ඩව සම්බන්ධ වෙමින් අවශ්‍ය කටයුතු සඳහා සක්‍රීය දායකත්වයක් සපයමින් සිටින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායි හි සිදුවන අධිකරණ කටයුතු පිළිබඳව විදේශ අමාත්‍යාංශය නිරන්තර අවධානයෙන් පසුවනවා.
මේ අතර මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥ කණ්ඩායමක් මෙරටින් පිටත්ව ගොස් ඇති බව සඳහන්.

Your Comments