මහ මැතිවරණය වෙනුවෙන් විශේෂ පොදු ප්‍රවාහන සේවා

17

මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන සහ ආපසු කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

එය ලබන 10 වනදා දක්වා ක්‍රියාවට නංවන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව ගමනාගමන මණ්ඩලය සතු සියලු බස් රථ ධාවනයට යෙදවීමට නියමිත අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද සියලු දුම්රියන් ධාවනය සඳහා එක්කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කළේ ඇතැම් දුම්රිය ගමනාන්තයන් දීර්ඝ කිරීමට ද විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයටද පියවර ගෙන ඇති බවයි.

කොළඹ කොටුවේ සිට රාත්‍රී 7.35 ට ගමන් ආරම්භ කරන දුම්රිය අලුයම 01.33 ට නානුඔය ට ළඟා වනු ඇති.

කොළඹ කොටුවෙන් පස්වරු 6.00ට ගමන් ආරම්භ කරන දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ළගාවන්නේ රාත්‍රී 10.30 ටයි.

මරදානෙන් රාත්‍රී 7.00 ට ගමන් ආරම්භ කරන දුම්රිය රාත්‍රී 11.23 ට බෙලිඅත්තට ළගා වනවා.

මේ අතර ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600ක් පමණ අවශ්‍යතා මත ධාවනය සඳහා සූදානම් කර ඇති බවයි.

Your Comments