මහ මැතිවරණය තියන්නේ කවදාද? තීරණය 8 වන සඳුදා

11

මහ මැතිවරණය පැවැත්වීම මනාප අංක ලබාදීම ඇතුළු මැතිවරණයට අදාළ කරුණු සම්බන්දයෙන් එළැඹෙන සඳුදා දිනයේදී තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මැතිවරණ කොමිසන් සභාවේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ කොළ එළිය දැන් ලැබී ඇති බවත් ඒ අනුව මේ වන විට මැතිවරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක බවත්ය.
කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් යැයි නොසිතන ලෙසටද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී කියා සිටියා.
එසේම ඉදිරි මහ මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහාම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයකු අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන බවත් එසේම ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් එක් කර ඒවා අධීක්ෂණය කිරීම සදහා වෛද්‍යවරයෙක්, හෙද කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක් සහ සහායක නිලධාරියෙක් පත් කිරීමට ද අපේක්ෂා කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ඒ අනුව වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මහජන සෞඛය කාර්ය මණ්ඩල, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු කොවිඩ් 19 වසංගත පාලනය කිරීම පිණිස සේවයේ නියුක්ත සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල තැපැල් ඡන්ද අයදුම්පත් එළැඹෙන 8 වැනිදා හෝ 09 වනදා වන විට යොමු කරන ලෙසටද ඉල්ලා සිටියා.
එසේම මේ වන විට විට මැතිවරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක බැවින් අද දිනයේ සිටම සියලුම දිස්ත්‍රික්කයන්හි මැතිවරණ පැමිණිලි විමර්ශන කාර්යාංශය ආරම්භ කරන බවද සභාපතිවරයා කියා සිටියා.

Your Comments