මහ මැතිවරණයේ දී නිදහස් පක්ෂයට තුනෙන් එකක කෝටාවක්

8

ඉදිරි මහ මැතිවරණයේ දී පොදු සන්ධානයක් යටතේ තරග කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමස්ථ ලැයිස්තුවෙන් තුනෙන් එකක කෝටාවක් පමණක් හිමි වන බව එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් ඡන්ද සංඛ්‍යාව අනුව එම කෝටාව හිමි වන බවයි හෙතෙම කියා සිටියේ.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව කියා සිටියා.

Your Comments