මහින්ද අගමැති ලෙස යළි දිවුරුම් දෙයි

175

මහ මැතිවරණයේ විශිෂ්ඨ ජයග්‍රහණයකට හිමිකම් කියූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා ලබන 09 වෙනිදා අභිනව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

නව අමාත්‍ය මණ්ඩලය අගෝස්තු 10 හෝ 11 දිවුරුම් දෙනු ඇති.

අභිනව පාර්ලිමේන්තුව රැස්වන්නේ ලබන 20 වෙනිදායි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

මනාප 5, 27,364ක් ලබාගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර රනිල් වික්‍රමසිංහ තබා තිබු මනාප වාර්තාව ද බිඳ දැම්මා.

Your Comments