මහමැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම හතරවන දිනටත් ඇරඹේ

14

පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස ඉල්ලා සහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීම හතරවන දිනටත් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දී එය සලකා බැලෙන බවයි නිව්ස් 24 අධිකරණ වාර්තාකරු පැවසුවේ.
ඊයේ දිනයේ දී මෙය සලකා බැලුණු අතර, එහිදී ජුනි 20 වන දා මහ මැතිවරණය පැවැත්විය නොහැකි තත්වයක් පවතින බවට නිරීක්ෂණය කර ඇතැයි, මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතායි මේ බව අධිකරණයට දැනුම් දුන්නේ.

Your Comments