මහනුවර නව රථධාවන සැලැස්ම අත්හිටුවන්නැයි උපදෙස්

166

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ උපදෙස් මත ආරම්භ කළ නව රථවාහන සැලැස්ම අත්හිටුවීමට උපදෙස් ලබා දුන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ඒ, අද මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වේලු කුමාර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

වේලු කුමාර් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ නව රථවාහන සැලැස්ම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළේ නව රථවාහන සැලැස්ම සියයට 90ක් පමණ සාර්ථක වී ඇති බවත් එම වැඩපිලිවෙල කුමන හේතුවක් නිසා හෝ නතර නොකරන බවයි.

කෙසේ වෙතත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත ආරම්භ කළ නව රථ වාහන සැලැස්ම හා දළදා මාලිගාව ඉදිරිපිට ආරම්භ කර ඇති රාත්‍රී සමාජ ශාලාව සම්බන්ධයෙන් වේලු කුමාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ මෙලෙසින්.

මේ ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ නව රථවාහන සැලැස්ම අසාර්ථක බවට මහනුවර නගරාධිපතිවරයා දන්වා ඇති බවයි.

මේ අතර, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ද ඒ සම්බ්නධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මහනුවර සිට ගැටඹේ දක්වා කොටසේ පැරණි ක්‍රමයටම වාහන ධාවනය කිරීමට සලස්වන ලෙස මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා දැනුම් දී ඇති බව ද වාර්තා වූවා.

ඒ මහතා ලිපියකින් ඒ සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්.

Your Comments