මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ තෙවන කුඹල් පෙරහර අද

11

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර අද(07) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ 6.52 ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව යි.

ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර, නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල සමගින් පෙරහැර ගමන් කිරිමටයි නියමිත වන්නේ.

දෙවන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රි වීදි සංචාරය කළා.

සධාතුක පෙරහැර කරඩුව වැඩම කිරිමට එක්වුණේ සිංහරාජා හස්තියායි.

අති විශාල පිරිසක් පෙරහැර නැරඹීමට එක්ව සිටි බවයි නිවුස් 24 වාර්තාකරුවන් සඳහන් කළේ.

Your Comments