මහනුවර ඇසළ පෙරහර පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක්

37

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර ඇතුළු පෙරහැරවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බව සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමය පවසනවා.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද ලිඛිතව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔවුන් සඳහන් කළේ.
එම සංගමයේ සභාපති නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා සඳහන් කළේ ඉදිරි දිනයකදී ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කරන බවයි.

Your Comments