මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්

13

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අගමැතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් සමග අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ඒ අනුව හෙට උදෑසන 7.30 වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කෙරෙනු ඇති.
ඒ අනුව රාජකාරී කටයුතු සිදු කිරීමේ දී නිරෝධායන රෝග ස්පර්ශකයන් සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනත උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට ද එහිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ එකඟතාවය හිමි වී තිබෙනවා
මෙහිදී මහජන පරීක්ෂක සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් ද එම සංගමය විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කලේ.

Your Comments